දීප ව්‍යාප්ත දුම්රිය විදුලි සංදේශ පද්ධතිය
- පසුබිම
ශ්‍රී ලංකා දුම්රිය සේවය, එහි මුලාරම්භයේ පටන් 1985 වසර දක්වාම භාවිතා කලේ දුම්රිය මාර්ගයට ඉහලින් ඇද ඇති තඹ කම්බි හරහා සම්ප්‍රේෂණය වන දුරකථන පද්ධතියකි. මෙම පද්ධතිය මගින්, දිවයිනේ සෑම දුම්රිය මාර්ගයකම ඇති දුම්රිය ස්ථාන, මරදාන, නාවලපිටිය සහ අනුරාධපුරයෙහි ඇති දුම්රිය පාලන මධ්‍යස්ථාන වලට සම්බන්ධ කෙරින.
මීට අමතරව, සියළු දුරගමන් දුම්රියෙ එන්ජින් වල ගෙනයන දුරකථනයක් හරහා මෙම පද්ධතියට ඕනෑම ස්ථානයකදී සම්බන්ධකොට ගෙන එම දුම්රියේ නිලධාරින්ට දුම්රිය පාලන මධ්‍යස්ථානයට කථා කිරීමට පහසුකම් සැලසී තිබින. මෙහිදි, දුම්රියේ ස්ථානවල අංක Dial කිරීමේදී භාවිතා වුයේ ඉතා සරල යතුරු (Key) සහ තෝරාගැනීමේ උපකරණ (Select) පද්ධතියකි.
1985 වසරේදී, වසර 100කට වඩා කාලයක පටන් භාවිතා වූ මෙම ක්‍රමය වෙනුවෙන් දීප ව්‍යාප්ත VHF / UHF ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණ භාවිතා වන, විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපිත කෙරින. ශ්‍රී ලංකා දුම්රිය සේවය තුළ මෙම පද්ධතියට පොදුවේ “BBC පද්ධතිය” යනුවෙන් භාවිතා වූ අතර, මෙම පද්ධතිය මිලදී ගන්නා ලද්දේ ශ්‍රී ලංකා රජයේ සහ ස්විස්ටර්ලන්ත රජයේ අරමුදල් හරහා Brown Boveri නම් විදුලි සංදේශ ආයතනයකිනි. මෙහි ස්ථාපිත කිරීම් 1986 දී අවසන් වු අතර මෙම පද්ධතිය 2014 වසර දක්වාම ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් මේ කාලය වන විට අමතර කොටස් ලබාගෙන මෙම පද්ධතිය නඩත්තු කිරීම, ශ්‍රී ලංකා දුම්රිය සේවයට අපහසු කාර්යයක්ව පැවතුනි.
මින්පසු, ශ්‍රී ලංකාවෙහි දුරකථන සේවා සපයන ආයතනයකින් මිලදී ගෙන ස්ථාපන කරන ලද පද්ධතියක් භාවිතා වු අතර, මෙම පද්ධතිය මගින්, දුම්රිය සේවයේ අවශ්‍යතා සාර්ථකව ඉටුකිරීමට නොහැකිවිය.
දුම්රිය විදුලි සංදේශ පද්ධතියක දුම්රිය ධාවන ආරක්ෂාව පිළිබඳ වගකීම.
ලෝකයේ සියළු දුම්රිය සේවාවන් සඳහා එම කාර්යයන් සඳහාම වෙන්වූ දුරකථන පද්ධතින් ඇති අතර මේවා මගින්,
- දුම්රිය ස්ථාන – දුම්රිය පාලන මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ කිරීම.
- දුම්රියේ Engine දුම්රිය පාලන මධ්‍යස්ථාන හා සම්බන්ධ වීම.
- නඩත්තු කාර්ය මණ්ඩල, දුම්රිය පාලන මධ්‍යස්ථාන හා සම්බන්ධවීම ආදිය සිදු කෙරෙන අතර එහි අරමුණු වනුයේ,
- දුම්රිය ධාවනයේ ආරක්ෂාව (දුම්රිය අනතුරු සහ ධාවනයට සිදුවන බාධාවල් ඉවත් කිරීම.)
- දුම්රිය ධාවනය සැලසුම්කර මෙහෙයුම් සිදුකිරීම (Train Controlling) සහ ඒ හා සම්බන්ධ වන තීරණ ගැනීම් කාර්යක්ෂම කිරීම.
- දුම්රිය ධාවනය හා සම්බන්ධ විවිධ කාර්ය මණ්ඩල අතර සබඳතාව පවත්වා ගැනීම.
- දුම්රිය ධාවනය සම්බන්ධ ඉහළ මට්ටමේ කළමනාකරණ තීරණ ගැනීම.
- දීප ව්‍යාප්ත දුම්රිය විදුලි සංදේශ පද්ධතියේ අවශ්‍යතා හඳුනාගැනීම සහ මෙම පද්ධතිය මගින් ශ්‍රී ලංකා දුම්රිය සේවයට අත්වන ප්‍රතිලාභ.
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ මුලික ශක්‍යතා අධ්‍යනය සිදුවන අවස්ථාවේ (2017 වසරේදී), විදේශ සහ දේශීය විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශාත්මක සේවාවක්, පත්කෙරුණ අතර මෙමගින්, දුම්රිය විදුලි සංදේශ පද්ධති භාවිතා කරන කාර්ය මණ්ඩලවල අවශ්‍යතා හඳුනාගැනීම, මෙම අවශ්‍යතා ඉටුවන විදුලි සංදේශ තාක්ෂණයක් තෝරා ගැනීම, පිරිවිතර සහ ප්‍රසම්පාදන ලියවිලි සැකසීම මේ විශේෂඥයින් විසින් සිදුකෙරුණි. මෙම උපදේශාත්මක සේවාව විසින්, විදුලි සංදේශ පද්ධති භාවිතාව අවශ්‍ය වන විවිධ දුම්රිය කාර්ය මණ්ඩල නියෝජිතයන් සමඟ රැස්වීම් 14ක් පවත්වන ලද අතර, ඒ හරහා හඳුනාගත් අවශ්‍යතා, පවතින විවිධ විදුලි සංදේශ / තාක්ෂණ සමග සැසඳීම් සිදුකොට, නවීන තාක්ෂණයෙන් යුත්, ශ්‍රී ලංකාවෙහි, විදුලි සංදේශ සේවාවන් සපයන ආයතන හරහා ලබාගත හැකි පද්ධතියක්/ සේවාවක් යෝජනා කරන ලදී.
මේ පිළිබඳ තීරණ ගැනීමේ සාකච්ඡාව 2018.01.25 දින ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවති අතර, ඒ සඳහා මෙම කාර්යයට අදාල සියළු දුම්රිය උප දෙපාර්තමේන්තු ප්‍රධානින් සහභාගී වූහ. මෙම උපදේශාත්මක සේවාවෙහි අවසන් වාර්තාව මෙම වෙබ් අඩවිය මගින් ලබාගැත හැකිය.
මෙහිදි, දෛනික දුම්රිය ප්‍රමාදවලින් 10% මෙම පද්ධතිය ස්ථාපිත කිරීම හරහා අඩුවේයැයි සැලකු විට එමගින් ලැබෙන ප්‍රතිලාභය රු. මි. 49.2කි. මීට අමතරව, දුම්රිය අනතුරු සිදුවිම වැළැක්වීම, සහ භාවිතා වූ BBC විදුලි සංදේශ පද්ධතිය සඳහා බාහිර ආයතන වලට ගෙවන ලද මුදලේ ඉතිරියද සැලකුවිට මෙම පද්ධතිය හරහා ශ්‍රී ලංකා දුම්රිය සේවාවට වසරකට ලැබෙන ප්‍රතිලාභය රු.මිලියන 153.2 කි.
- පද්ධති සැලසුම (නිර්මාණය) සහ ප්‍රසම්පාදන ලියවිලි සැකසීම.
මෙම මිලදී ගැනීම සඳහා පත්කෙරුණ තාක්ෂණ ඇගයුම් කමිටුව විසින් ඔවුන් වෙත ලබාදෙන ලද, පද්ධති නිර්මාණය, පිරිවිතරය සහ ප්‍රසම්පාදන ලියකියවිලි පරීක්ෂාකර බැලු අතර, මෙම විදුලි සංදේශ පද්ධතිය භාවිතා කරන්නන් ගණන, භාවිතා වන ප්‍රදේශ/ ස්ථාන, ඔවුන් සඳහා ලබාදිය යුතු උපකරණ වර්ග පිළිබඳ තීරණය කරන ලදී. මෙහිදි දුරකථන සබඳතා සිදුකිරීමේදී තිබියයුතු ප්‍රමුඛතා ප්‍රතිපත්තියද තීරණය විය.
- ප්‍රසම්පාදන ක්‍රමවේදය සහ දුම්රිය විදුලි සංදේශ පද්ධතිය ප්‍රසම්පාදනය කොට සවිකිරීම සඳහා ලබාදුන් කැබිනට් අනුමැතිය.
2018 මැයි මාසයේදී, මෙම පද්ධතිය, ආසියානු සංවර්ධන බැංකු මුල්‍ය ප්‍රතිපාදන යටතේ මිලදී ගැනීමටත්, ඒ සඳහා යොදාගතයුතු ප්‍රසම්පාදන ක්‍රියාවලිය (2 Stage Method) සඳහාත් කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2018 අගෝස්තු මාසයේදී ආරම්භ වුන අතර මෙම ක්‍රියාවලිය තුළ විවිධ අවස්ථා 6කදී, ආසියානු සංවර්ධන බැංකුව මගින් පරීක්ෂාවට භාජනය කර අනුමැතිය ලබාදීම සිදුවිය. අවසානයේ ප්‍රසම්පාදන අභියාචනා අවස්ථාවෙන් පසු කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදෙන ලදී.
- දීප ව්‍යාප්ත දුම්රියේ විදුලි සංදේශ පද්ධතියේ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවයට ලැබෙන ප්‍රතිලාභ.
මෙම නවීන විදුලි සංදේශ පද්ධතිය මගින් මුළු දුම්රිය මාර්ග පද්ධතියම ආවරණය වන අතර එමගින් දුම්රිය මෙහෙයුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වනු ඇත. මෙම පද්ධතිය මගින්,
- දුම්රිය මෙහෙයුම් සහ නඩත්තු කාර්යයන්හි යෙදෙන 3500ක් පමණ වන දුම්රිය කාර්ය මණ්ඩල වෙත දුරකථන සහ දත්ත සන්නිවේදන පහසුකම් ලැබීම.
- මරදාන, නාවලපිටිය සහ අනුරාධපුර දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථාන වල දුම්රිය පාලකවරුන්ට වඩාත් පහසුවෙන් ක්‍රියාත්මක කළහැකි විදුලි සංදේශ උපකරණ (Consoles) ලබාදීම.
- දුම්රිය මෙහෙයුම් කටයුතු වල කාර්යක්ෂමභාවය සහ ධාවන ආරක්ෂාව සැලසීම අරමුණු කරගෙන ප්‍රමුඛතා ප්‍රතිපත්තියක්, පද්ධතිය භාවිතා කරනු ලබන කාර්ය මණ්ඩලවල අවශ්‍යතා පරිදි සාකච්ඡාකොට සකසා ඇති අතර මෙය තවදුරටත් වැඩිදියුණු කොට ක්‍රියාත්මක වීම.
- දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථාන (මරදාන, නාවලපිටිය සහ අනුරාධපුර) එකිනෙක හා සම්බන්ධ කිරීම.
- පද්ධතිය හරහා, පොකුරු සබඳතා සහ ස්ථාන 2ක් අතර සබඳතා (Group Calling and Individual Calling) ලබාදීම.
- දුම්රිය එන්ජින් (Locomotive) සඳහා වඩාත් පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි දුරකථන උපකරණ (Consoles) ලබාදීම.
- දුම්රිය ධාවනයේ ආරක්ෂාව සහ ඵලදායිතාව වැඩිකිරීම සඳහා වැඳගත්ම දුරකථන සංවාද පටිගත වීම.
- දුම්රිය මෙහෙයුම් කාර්ය මණ්ඩලය, නඩත්තු මධ්‍යස්ථාන ආදිය සඳහා සබඳතා ලබාදීම.
- ශන්ටින් කාර්ය මණ්ඩලයට සහ දුම්රිය ආරක්ෂක නිලධාරින් සඳහා සබඳතා ලබාදීම.
- සියළු දුම්රිය හරස් මාර්ග ක්‍රියාත්මක කරන කාර්ය මණ්ඩලයට සබඳතා ලබාදීම.
- දුම්රිය ස්ථානයන් (ප්‍රධාන සහ උප දුම්රිය ස්ථාන) සඳහා, භාවිතාවට පහසු Operating Console ලබාදීම.
- සියළු දුම්රිය ICT පද්ධති සඳහා දත්ත සම්ප්‍රේෂණ අවශ්‍යතා සපුරාලීම.
ආදී අවශ්‍යතා මෙම පද්ධතිය මගින් ඉටුවනු ඇත.
- ව්‍යාපෘති කාලසීමාව
ව්‍යාපෘති ස්ථාපිත කිරීමේ කාලසීමාව වසරකි. මීට අමතරව පද්ධති නඩත්තුව සඳහා වසර 08ක කාලසීමාවකි.
- දුම්රිය සේවා කාර්ය මණ්ඩල පුහුණුව
මෙම පද්ධති ස්ථාපිත කිරීමත් සමග දුම්රිය සේවා කාර්ය මණ්ඩලය සඳහා පූර්ණ සුදුසු පාඨමාලා හැදැරීමට අවස්ථාව ලැබෙනු ඇත.
- වසර 8ක නඩත්තු කාලසීමාව සහ සාර්ථකව පද්ධතිය ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත ලබාදීම.
මෙම පද්ධතිය සාර්ථකව ශ්‍රී ලංකා දුම්රිය සේවයට භාරගන්නා අවස්ථාව වනවිට, නඩත්තු කාලසීමාවේදී මෙම පද්ධතියේ අධීක්ෂණ කටයුතු සිදුකරමින්, නඩත්තු කටයුතු පිළිබඳ අවබෝධයක්, ලබාගැනීමට සුදුසු දැනුමැති කාර්ය මණ්ඩලයක් දුම්රිය සේවාව මගින් මේ සඳහා අනුයුක්ත කරන ලබන අතර දුම්රියේ පාලන මධ්‍යස්ථාන 3හි සිට පද්ධතිය පිළිබඳ සොයා බැලීම සඳහාද කාර්ය මණ්ඩලය යෙදෙනු ඇත.
දුරකථන සේවා සපයනු ආයතන විසින් සිදුකරනු ලබන වසර 8ක නඩත්තු කාලසීමාව, පූර්ණ නඩත්තු කාර්යයක් වන අතර, දුම්රියෙ මෙහෙයුම් කාර්යයන් සාර්ථකව ඉටුකිරීමට අවශ්‍ය නඩත්තු කටයුතු ඔවුන් විසින් හදුනාගෙන සිදුකරනු ඇත.