ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා දිවයිනම ආවරණය වන පරිදි ප්‍රවේශපත් නිකුත් කිරීමේ සහ ආසන වෙන්කිරීමේ පද්ධතියක් (Smart Ticketing & Seat Reservation System) ස්ථාපිත කිරීම.
1. පසුබිම
ශ්‍රී ලංකා දුම්රිය සේවය වසර 150ක් පමණ භාවිතා කලේ සාම්ප්‍රදායික පැරණි ප්‍රවේශපත් ක්‍රමයක් වන අතර, එම පද්ධතිය වෙනස් කිරීමේ අවශ්‍යතාව දශක ගණනාවක් පුරා පැවතින.
අවස්ථා ගණනාවකදී උත්සහ කළද, මෙම පැරණි ප්‍රවේශපත් ක්‍රමය, වෙනස් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවයට අවස්ථාවක් නොලැබුනු අතර, මෙහිදී ශ්‍රී ලංකාවෙහි තොරතුරු තාක්ෂණ ආයතන දැවැන්තයන්ගෙන්ද යෝජනා කිසිවක් ඉදිරිපත් නොවුනි.
2. ප්‍රවේශපත් ක්‍රමය පිලිබඳ සිදු කරන ලද අධ්‍යනයන් සහ නව ප්‍රවේශපත් ක්‍රමයක් තුලින් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ලැබෙන ප්‍රතිලාභය
ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් ලබන කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ, පුර්ව සක්‍යතා අධ්‍යන කාලසීමාව තුල (2017 වසරේදී) ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා Smart Ticketing System මිලදී ගෙන ස්ථාපනය කිරීමේ ඇති සක්‍යතාව අධ්‍යනය සඳහා මුල්‍ය ඇගයීම් අධ්‍යනයක් සිදු කරන ලදී.
වර්තමානයේ, දුම්රියවල ප්‍රවේශපත් නොමැතිව ගමන් කරන මගීන් වැඩිවෙමින් පවතී. නවීන ප්‍රවේශපත් ක්‍රමයක් හරහා මෙම ගැටළුව බොහෝදුරට අඩු කරගත හැකි වනු ඇත. මේ හරහා ශ්‍රී ලංකා දුම්රිය සේවය වසරකට රු.මි. 190.8 ක දැනට නොලැබෙන ආදායමක් හිමිකර ගත හැකි වනු ඇත.
මීට අමතරව දැන් භාවිතාවන ක්‍රමයට අවශ්‍ය ටිකට්පත් නිෂ්පාදනය සඳහා වැයවෙන මුදල, නව ක්‍රමය ස්ථාපිත කිරීමත් සමඟ වසරකට රු.මිලියන 109.0 කින් අඩුවනු ඇත. මේ නිසා නව, ස්මාර්ට් ටිකට්පත් ක්‍රමයක් හදුන්වාදීම තුලින් ශ්‍රී ලංකා දුම්රිය සේවයට වසරකට ලැබෙන මුළු ආදායම් ප්‍රතිලාභය රු.මි. 299.8 කි.
3. පද්ධති නිර්මාණ සැකසීම සහ ලංසු ලේඛන සැකසීම
ජාතික (01) සහ ජාත්‍යන්තර (01) උපදේශකයන්ගේ එකතුවක් මගින් මෙම නවීන දුම්රිය ටිකට්පත් සහ ආසන වෙන්කිරීමේ පද්ධති නිර්මාණය සකසන ලද අතර ශ්‍රී ලංකා දුම්රිය සේවයේ විශේෂඥයන්ගේ සහයද මෙම උපදේශකයන්ට ලැබුණි.
මෙහිදී මෙම පද්ධතිය මිලදී ගැනීම සදහා, ආසියානු සංවර්ධන බැංකු සහය ලැබුනු අතර, ලංසු ලේඛන සකසන ලද්දේ ආසියානු සංවර්ධන බැංකු තොරතුරු තාක්ෂණ පද්ධති මිලදී ගැනීමේ ලංසු ලේඛන පදනම් කරගනිමිනි.
මෙහිදී දේශීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයටද මෙම මිලදී ගැනීම විවෘත කරන ලදී.
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රවේශපත් ක්‍රමය, රාජ්‍ය ආදායම් ලබාගන්නා පද්ධතියක් වන අතර, දුම්රිය සේවය සඳහා 2035 වසරේදී ලැබෙන මගී නැඹුරුතාව ගැන සැලකූවිට, දිනකට මගින් 1,200,000 ක් මෙම ප්‍රවේශපත් පද්ධතිය භාවිතා කරනු ඇත.
මේ හේතු නිසා, මෙම පද්ධතිය සංවර්ධනය කොට ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත සැපයීම, දුම්රිය සේවාවන් සඳහා ස්මාර්ට් ප්‍රවේශ පද්ධති නිපදවා සැපයීම සඳහා පළපුරුද්දක් ඇති ආයතන හරහා සිදු කිරීම අවශ්‍ය වේ. මෙහිදී, දේශීය තොරතුරු තාක්ෂණ ආයතන, ජාත්‍යන්තර ආයතන සමඟ අත්වැල් බැඳගනිමින් මිල දීමනා ලබාදෙන ලදී.
මෙම මිලදී ගැනීම Design, Build and Maintain යන පදනම යටතේ මිලදී ගැනීමට කටයුතු කල අතර, මේ සඳහා ඉංජිනේරුමය ඇස්තමේන්තුවක් ද සකස් කෙරින.
4. පද්ධති මිලදී ගැනීම සඳහා සහ මිලදී ගැනුම් ක්‍රමවේදය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම.
2018 මැයි මාසයේදී, මෙම Smart Ticketing System මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකු අරමුදල් භාවිතා කිරීමට සහ Two Stage මිලදී ගැනුම් ක්‍රමවේදය භාවිත කිරීමට කැබිනට් අනුමැතිය ලබාගන්නා ලදී.
මෙම මිලදී ගැනුම් ක්‍රියාවලිය 2018 අගෝස්තු මාසයේදී ආරම්භ වූ අතර, මෙම මුළු ක්‍රියාවලිය තුලදී අවස්ථා 6 කදී ආසියානු සංවර්ධන බැංකු ප්‍රසම්පාදන අංශයේ නිරීක්ෂණයට සහ අනුමැතියට යොමුවිය.
මීට අමතරව මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශ්‍රී ලංකා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියටද අනුව අභියාචනා අවස්ථාවකට ද යොමු වූ අතර, මේ වනවිට කැබිනට් අනුමැතිය ලබාගැනීමේ අවස්ථාවේ පසුවේ.
5. මෙම පද්ධතිය මගින් මහජනයාට ලැබෙන ප්‍රයෝජන සහ ශ්‍රී ලංකා දුම්රිය සේවයට ලැබෙන වාසි.
මෙම පද්ධතියෙන් ශ්‍රී ලංකාව තුල සියලු දුම්රිය ස්ථාන ආවරණය වන අතර, මගීන්ට පහත සඳහන් ප්‍රතිලාභ හිමිවේ.
- දුම්රිය ස්ථාන කවුන්ටර මගින් ප්‍රවේශපත් මිලදී ගැනීම.
- දිවයිනේ ඕනෙම තැනක, ඕනෑම අවස්ථාවකදී ජංගම දුරකථන හරහා ටිකට්පට් මිලදී ගැනීම (QR code සහිත ජංගම ටිකට්පත්).
- අන්තර්ජාලය හරහා ටිකට්පත් මිලදී ගෙන ගෙදරදීම මුද්‍රණය කර ගැනීම.
- Pay-as-you-Go කාඩ්පත් ලබාගෙන ගමන් පහසුකම් සලසා ගැනීම.
- ආසන වෙන්කිරීමේ ක්‍රමය හරහා මහජනයාටම ආසන වෙන්කරගැනීමේ පහසුකම් සැපයීම.
නම්‍යශීලි ගාස්තු ක්‍රමයක් අනුගමනය කිරීම තුලින් දුම්රිය සේවයේ ආදායම වැඩි කර ගැනීම මෙම පද්ධති මගින් සිදුකළ හැකිය.
මෙම පද්ධතියේ, දුම්රිය ස්ථානවල, ටිකට්පත් මගින් ක්‍රියාත්මක ඇතුල් වන හා පිටවන ගේට්ටු සහ ටිකට්පත් පරික්ෂා කිරීමේ යන්ත්‍ර අඩංගුව ඇත.
මීටත් අමතරව භාණ්ඩ සහ පාර්සල් ප්‍රවාහනය කිරීමේ බිල්පත් නිකුත් කිරීම සහ භාණ්ඩ තිබෙන තැන සොයාගැනීමේ ක්‍රමවේදයක් ද මෙම පද්ධතිය තුල අඩංගුව ඇත.
තවද ආදායම් අහිමිවීම අවම කර ගැනීමට සහ දුම්රිය ආදායම් පිළිබඳ විස්තර ඒ අවස්ථාවේදීම සොයා ගැනීමට මෙමගින් පහසුකම් සැලසේ.
6. පද්ධති විශේෂාංග, නවීන මෘදුකාංග සහ දෘඩාංග සැපයීම.
මෙම පද්ධතියෙහි මුලික Back office System හි අඩංගු වන්නේ වර්තමානයේදී බහුලව භාවිත වන සහ උපාංග ලබාගෙන නඩත්තු කිරීම පහසුවෙන් කරගත හැකි Back Office මධ්‍යස්ථාන මෘදුකාංග පදනමකි (Back Office Control Software Platform). මේ සඳහා නවීන සර්වර් පද්ධති (Survey System), දත්ත ගබඩා (Data Storage) භාවිතා වන අතර පහත සඳහන් මෘදුකාංග (Software Modules) භාවිතා වේ.
ගාස්තු ප්‍රතිපත්තිය කළමනාකරණ මෘදුකාංග, Inventory කළමනාකරණ මෘදුකාංග, ආසන වෙන්කිරීමේ මෘදුකාංග, දත්ත රැස්කිරීමේ සහ වාර්ථා කිරීමේ මෘදුකාංගය, ටිකට් නිකුත් කිරීමේ කාර්යාල උපකරණ කළමනාකරණ මෘදුකාංගය, මගීන් සහ මගී විස්තර කළමනාකරණ මෘදුකාංගය, දුම්රිය ගමන් සැලස්ම්කරණ මෘදුකාංගය, ගාස්තු නිර්ණය කිරීමේ මෘදුකාංගය, Clearing and Settlement Software, කළමනාකරණ (Management) මෘදුකාංගය, ගිණුම් කළමනාකරණ මෘදුකාංගය, Manual Ticket Entry මෘදුකාංගය, භාණ්ඩ සහ පාර්සල් Tracking Software, Reporting මෘදුකාංගය සහ Smart Card කළමනාකරණ මෘදුකාංගය ආදිය පද්ධති මෘදුකාංගය තුල අඩංගු වන අතර, මෙම සියල්ල මගින් කෙරෙනුයේ මුළු ප්‍රවේශපත් නිකුත්කිරීමේ සහ ආසන වෙන්කිරීමේ පද්ධතියේ නම්‍යශීලීත්වය සහ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාමත් මගී අවශ්‍යතා ඒ අයුරින්ම ඉටුකිරීමත්වේ.
මෙම පද්ධතියට වෙනත් ආයතන විසින් හඳුන්වා දෙනු ලබන ඕනෑම කාඩ්පත් ක්‍රමයක් සම්බන්ධ කල හැකිය. (උදා. මහා බැංකුව විසින් යෝජිත Travel Card).
දෘඩාංග පැකේජය සඳහා, දුම්රිය ස්ථාන පද්ධති 660 ක්, වෙනත් ආයතන හරහා ටිකට් නිකුත් කරන යන්ත්‍ර 500 ක්, ප්‍රවේශ පත්‍ර Bar Code කියවන යන්ත්‍ර 900 ක්(ටිකට් පරික්ෂා කිරීමේ උපකරණ), ප්‍රවේශ පත්‍ර විකුණුම් යන්ත්‍ර (Vending Machine) 50 ක්, දුම්රියේදීම ටිකට් මිලට ගැනීමේ යන්ත්‍ර 100 ක්, වේදිකාවේදී ප්‍රවේශ පත්‍ර වලංගුභාවය පරික්ෂා කරන යන්ත්‍ර 771 ක්, පාර්සල් Tracking උපකරණ 150 ක් සහ ප්‍රවේශ පත්‍ර මගින් පාලනය කරනු ලබන ගේට්ටු 50 ක් අඩංගු වේ.
7. කාර්යය මණ්ඩල පුහුණුව
මෙම පද්ධති මිලදී ගැනීම තුළ අදාළ සියලු දුම්රිය නිලධාරීන් සඳහා පුහුණු පැකේජයක් සහ දුම්රිය ස්ථානවල ටිකට්පත් නිකුත් කරන කාර්යාල සංවර්ධනය සඳහා අරමුදල් සහ යෝජනා අඩංගුය.
8. වසර 8ක නඩත්තු කාලසීමාව සහ පද්ධතිය සාර්ථකව දුම්රිය සේවය විසින් පවරා ගැනීම.
පළමු නිමැවුම (First Output එනම් Mobile Ticket System) ව්‍යාපෘති ආරම්භයේ සිට මාස 6 සිට 9 දක්වා කාලය තුල ලබාදෙනු ඇත. මෙම පද්ධතිය සැලසුම් කරන අවස්ථාවේ සිදු කරන ලද සමීක්ෂණයකට අනුව දුම්රිය මගීන්ගෙන් 64% ක් ජංගම දුරකථන ටිකට්පත් මිලදී ගැනීම තෝරා ගනු ඇත.
පද්ධති ස්ථාපනය සඳහා ගතවන කාලය වසර 3 ක් වන අතර ඉන්පසු වසර 8 ක නඩත්තු කාලසීමාවක් ඇත.
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තොරතුරු තාක්ෂණ අංශය (ICT Division) වැඩි දියුණු කරනු ලබන අතර, අවශ්‍ය විශේෂඥ දැනුම ඇති කාර්යය මණ්ඩලය මේ කාලය තුලදී බඳවාගෙන පුහුණු කරනු ලැබේ.
වසර 11 කින් (වසර 3 ක් ස්ථාපිත කාලය සහ වසර 8 ක් නඩත්තු කාලය) පද්ධතිය ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත භාරගැනීම සඳහා මෙම කාර්යය මණ්ඩලය, කොන්ත්‍රාත්කරුගේ කාර්යය මණ්ඩලය සමඟ වැඩ කිරීමෙන් අත්දැකීම් සහ පුහුණුව ලබනු ඇත.
9. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඵලදායි කාර්ය මණ්ඩලය සහ දුම්රිය ස්ථාන යටිතල පහසුකම්
දුම්රිය ස්ථානවල දැනට ඇති ප්‍රවේශපත් කවුළු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන අතර, ඒවා සේවාව කිරීමට වඩාත් සුදුසු වන ආකාරයට වැඩිදියුණු කෙරේ. මෙම දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කාර්යයන්හි යෙදෙන දක්ෂ කාර්යය මණ්ඩලයේ හැකියාවන් සහ දුම්රිය ස්ථාන යටිතල පහසුකම්, වඩාත් සාර්ථකව, වැඩිදියුණු කොට භාවිතා වනු ඇත.